සුදුසු ප‍්‍රදේශයක් සොයා වෙහෙසීමට වඩා ඉන්න තැන සුදුසු තැන නොකරගන්නේ මන්ද?



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!


වාසනාවන්ත පිංවත්නි
අපගේ ජීවිතවල අනන්ත අප‍්‍රමාණ අපි සුදුසු ප‍්‍රදේශ සොයා ගියෙමු. ලෝකයේ මේ කියන සුදුසු ප‍්‍රදේශය හමුවෙච්ච කෙනෙක් තවම අපට මුණ ගැසී නැත. අපටද එවැනි ප‍්‍රදේශයක් දැකගැනීමට ලැබී නැත. එයට හේතුව නම් එවැනි සුදුසු ප‍්‍රදේශයක් ලොව කිසිතැනක නැති කමය. සැබැවින්ම සිදුවිය යුත්තේ සුදුසු ප‍්‍රදේශයක් සොයා සසරේ සැරිසෑරීම නොව පවතින ප‍්‍රදේශයම තමා හට සුදුසු ප‍්‍රදේශය කර ගැනීමය. භාග්‍යවතුන් වහන්සේ පතිරූපදේස යැයි පැවසුවේ ලෞකිකත්වයේ පවතින ලෝකය තුල ඇනි ප‍්‍රදේශයක් පිලිබදව නොවේය. මන්ද නිවීම ඇත්තේ ලෞක්කත්වය තුල නොව ලෞක්කත්වයෙන් මිදීම තුලය. එසේ එම ප‍්‍රදේශය ලෝකයේ පවතී නම් ප‍්‍රදේශයත් දිශාවත් භාග්‍යවතුන් වහන්සේ සදහන් නොකලේ මන්දැයි සිතා බලන්න. මෙම ප‍්‍රදේශය අපට දුන් කමටහනක්ය. මෙය තුල ගැබ් වී ඇත්තේ ලෝකෝත්තර පණිවිඩයකි.

මෙම පතිරූපදේශය පවතින්නේ භබයක් පමණ උස තිබෙන තමාගේම කය තුලය. බෝහෝ අය තමාට මෙම ප‍්‍රදේශ සුදුසු නැහැ යන තීරණයට පැමිණෙන්නේ වටපිටාව සුන්දර නැති කමත් ඇසෙන දේ ප‍්‍රිය මනාප නැතිකමත් ජීවියට පහසුකම් අවම නිසාත් නොවේද? ඔබට ලද දෙයින් සෑහීමට පත්වෙන්න පුලූවන් නම් පරිසරය තමාට අවශ්‍ය පරිදි වෙනස් නොකොට පවතින පරිසරයට අනුව වෙනස් වී ජීවත් වෙන්න දක්‍ෂ නම් දැන් ප‍්‍රදේශය ගැන ඔබට ප‍්‍රශ්ණයක් තිබේද?
අප දකින ලෝකය තුල අප බලාපොරොත්තු වන දේ නොලැබේ නම් එය අපට සුදුසු නැති ප‍්‍රදේශයක් වන්නේය. අප කැමති වන ප‍්‍රදේශයේ බලාපොරොත්තු වී ඇත්තේ ලෞකික දේ තුල පවතින ලෝභ ද්වේශ මෝහ නොවේද? මෙන්න මෙම අඩුව නිවැරදි කිරීම තුලින් අපගේ පතිරූප දේශය නිර්මාණය වේ. අපට ඇසෙන ශබ්ද තුල අප බලාපොරොත්තු වන දේ නොඇසේ නම් එය අපට සුදුසු නැති ප‍්‍රදේශයක් වන්නේය. අප කැමති වන ප‍්‍රදේශයේ බලාපොරොත්තු වී ඇත්තේ ලෞකික දේ තුල පවතින ලෝභ ද්වේශ මෝහ නොවේද? මෙන්න මෙම අඩුව නිවැරදි කිරීම තුලින් අපගේ පතිරූප දේශය නිර්මාණය වේ. අප ජීවත් වන පරිසරය තුල අප බලාපොරොත්තු වන දේ නොලැබේ නම් එය අපට සුදුසු නැති ප‍්‍රදේශයක් වන්නේය. අප කැමති වන ප‍්‍රදේශයේ බලාපොරොත්තු වී ඇත්තේ ලෞකික දේ තුල පවතින ලෝභ ද්වේශ මෝහ නොවේද? මෙන්න මෙම අඩුව නිවැරදි කිරීම තුලින් අපගේ පතිරූප දේශය නිර්මාණය වේ.

අපි මනසින් හදාගත්ත ලෝකය තුල අප බලාපොරොත්තු වන දේ සිදු නොවේ නම් එය අපට සුදුසු නැති ප‍්‍රදේශයක් වන්නේය. අප කැමති වන ප‍්‍රදේශයේ බලාපොරොත්තු වී ඇත්තේ ලෞකික දේ තුල පවතින ලෝභ ද්වේශ මෝහ නොවේද? මෙන්න මෙම අඩුව නිවැරදි කිරීම තුලින් අපගේ පතිරූප දේශය නිර්මාණය වේ.
අපි කියන දේට අනුව කටයුතු කරන කීකරු ලෝකයක් බලාපොරොත්තු වන නුමුත් එම බලාපොරොත්තු වන දේ සිදු නොවේ නම් එය අපට සුදුසු නැති ප‍්‍රදේශයක් වන්නේය. අප කැමති වන ප‍්‍රදේශයේ බලාපොරොත්තු වී ඇත්තේ ලෞකික දේ තුල පවතින ලෝභ ද්වේශ මෝහ නොවේද? මෙන්න මෙම අඩුව නිවැරදි කිරීම තුලින් අපගේ පතිරූප දේශය නිර්මාණය වේ.
මෙම ධර්මතාවය අපගේ ජීවිතකාලය පුරාවටම වැඩිය යුතු ධර්මතාවයකි.
උදාහරණයක් ලෙස ඔබ වීදියේ ගමන් කරන්නේ යැයි සිතන්න. එවිට කාන්තාවක් දැක ඇය ගැන රාගයෙන් මත් වන්නේ නම් දැන් ඔබේ ඇස පවතින්නේ නුසුදුසු ප‍්‍රදේශයක නොව්ද? එම කාන්තාවම දකින විට විරාගයෙන් දකින්නට ඔබ දක්‍ෂ වන්නේ නම් දැන් ඔබේ ඇස පවතින්නේ සුදුසු ප‍්‍රදේශයකය. තවද යමෙක් දිහා ද්වේශයෙන් බලන කල ඔබගේ ඇස් දෙක නුසුදුසු ප‍්‍රදේශයේ වාසය කරයි. ඔබට සියල්ලන් කෙරෙහි මෛත‍්‍රියෙන් බලන්න, කරුණාවෙන් බලන්න පුලූවන් නම් ඔබේ ඇස් දෙක සුදුසු ප‍්‍රදේශයක් වාසය කරයි. ඔබේ නෙතට ගැටෙන සෑම භාණ්ඩයක්ම ඔබේ අයිතිය කරගන්න උත්සහ කරන විට දැන් ඔබ සිටින්නේ නුසුදුසු ප‍්‍රදේශයක නොවේද? ලද දෙයින් සෑයිමට පත් වීම අවශ්‍යතාවයට අනුව පරිභෝජනය යන මානසිකත්වයෙන් ඔබ වාසය කරන්නේ සුදුසු ප‍්‍රදේශයක නොවේද?

යමක් ඇසෙන විට අපට ඇසෙන දේට අමතරව අපි එකක් මනසින් සිතා ඒක එහෙම විය හැකියි මෙහෙම විය හැකියි කියා නැති ප‍්‍රශ්ණ හදාගෙන වෙහෙසෙන්නේ නැද්ද? මෙතුලින් අප ජීවත් වන්නේ නුසුදුසු ප‍්‍රදේශයකය. ඇසෙන දේ කුමක්ද එයට අනුව පමණක් කටයුතු කිරිමෙන් අපගේ ජීවිතය කොපමණ සරල වන්නේද? මෙ තුලින් සුදුසු ප‍්‍රදේශයක ජීවත් වීමට හැකි වනු ඇත. අපගෙ අගෞරයට යමක් ඇසෙන්නේ නම් ආත්ම ගරුත්වය වෙනුවෙන් කොපමන වෙහෙසෙමුද. මිනිස්සු අපට නින්දා කලා නොව අපහාස කලා නොව. යමක් යමෙක් කලා නම් ඒ කලේ අපගේ වැරැුද්දට නොවේද? සෑම නින්දා අපහසයටම අයිතිය ඇත්තේ එයි හිමිකාරත්වය දරන අඩුවමය. එයි අයිතිය අපට නැත. මෙසේ දැකීම තුලින් අපගේ සුදුසු ප‍්‍රදේශය නිර්මාණය වේ.

අපගේ හැසිරීම උඩගුවෙන් අහංකාරයෙන් යුක්ත නම් අපගේම සහොදරයෝ ඥාතියෝ මිත‍්‍රයෝ පවා අපගේ සතුරෝ බවට පත් නොවන්නේද? අපගේ චර්්‍ය_ාව තුලින් අපි සුදුසු නැති ප‍්‍රදේශයක ජීවත් වෙමු. කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොලැබෙන ලෙස ජීවත් වෙලා බලන්න. ඔබේ ජීවිතයට ඔබේ චරිතයට ඔබම ප‍්‍රිය වන්නේය. එසේ නම් දැන් ඔබ ජීවත් වන්නේ සුදසු ප‍්‍රදේශයකය. අපගේ දුර්වලකම් අඩුපාඩු නිසාම අපි නුසුදුසු ප‍්‍රදේශවල ජීවත් වීමට සුදුසුකම් ලබමු. මෙවැනි දුර්වලකම් අඩුපාඩු අපටද තිබිය හැකිය. අපත් මෙවැනි තත්ත්වක නම් වර්තමාණයේ පසු වන්නේ නිවැරදි වීම තුලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ප‍්‍රතිරූපදේශයේ ජීවත් වීමේ අවස්ථාව ලැබිය හැක.
බෝහෝ විට අපි කථා කරන්නේ සිතේ එකක් තියාගෙන වචනවලින් වෙන එකක් නොවේද. අපට ලාභයක් ඇත්නම් කුමන වරද කලත් අනුමත කරන්නේ නැද්ද? ආදරයෙන් කරන කථා තුල පවා අභ්‍යන්තර බලාපොරොත්තුවක් ඇත්නම් මේ සෑම වචනයක් තුලින්ම අප වාසය කරන්නේ සුදුසු නැති ප‍්‍රදේශයකය. හොර බොරු වංචා කපටිකම් රහිතව කථා කරන, අන් අයගේ යහපත පිණිස කථා කරන සෑම මොහොතක් ගානේ අප ජීවත් වන්නේ පතිරූප දේශයකය. අපගේ මානසිකත්වය තුලින් අපි නොයෙක් දේවල් කල්පනා කිරීමට පුරුදුව සිටිමු. අපගේ සිතුවිලිවල රාගික දේවල් වෛරික දේවල් ලෝභික දේවල් සිතමු නම් දැන් අපි ජීවත් වන්නේ නුසුදුසු ප‍්‍රදේශයකය. සිතුවිලිවලින් යහපත් දේ සිතන්න දක්‍ෂ වන සිත පමණක් පතිරූපදේශයක වාසය කරයි.

බෝහෝ විට අපි කථා කරන්නේ සිතේ එකක් තියාගෙන වචනවලින් වෙන එකක් නොවේද. අපට ලාභයක් ඇත්නම් කුමන වරද කලත් අනුමත කරන්නේ නැද්ද? ආදරයෙන් කරන කථා තුල පවා අභ්‍යන්තර බලාපොරොත්තුවක් ඇත්නම් මේ සෑම වචනයක් තුලින්ම අප වාසය කරන්නේ සුදුසු නැති ප‍්‍රදේශයකය. හොර බොරු වංචා කපටිකම් රහිතව කථා කරන, අන් අයගේ යහපත පිණිස කථා කරන සෑම මොහොතක් ගානේ අප ජීවත් වන්නේ පතිරූප දේශයකය. අපගේ මානසිකත්වය තුලින් අපි නොයෙක් දේවල් කල්පනා කිරීමට පුරුදුව සිටිමු. අපගේ සිතුවිලිවල රාගික දේවල් වෛරික දේවල් ලෝභික දේවල් සිතමු නම් දැන් අපි ජීවත් වන්නේ නුසුදුසු ප‍්‍රදේශයකය. සිතුවිලිවලින් යහපත් දේ සිතන්න දක්‍ෂ වන සිත පමණක් පතිරූපදේශයක වාසය කරයි.

තවත් ලිපි

Card image
ඔබත් නිවීම සොයන්නෙක්ද?

ඔබත් නිවීම සොයන්නෙක්ද? නිවීම ඇත්තේ සෙවීම තුල නොව නිවීම තුලය ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව අසේවනා ච බාලානං පණ්ඩිතානං ච සේවනා....

Read More

Card image
සුදුසු ප‍්‍රදේශයක් සොයා වෙහෙසීමට වඩා ඉන්න තැන සුදුසු තැන නොකරගන්නේ මන්ද?

මේ වනවිටත් ඔබ ජීවත් වන්නේ ඔබට සුදුසු තැනය ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව පතිරූපදෙසවාසො ච නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!...

Read More