උන්වහන්සේ

නිසල තපෝ වන සෙනසුනක "සපිරුණු මෙත් සිතින්" යුතුව විමුක්ති සුවය අත්විඳිමින් වැඩ වසන ඒ උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ඔබෙත් මගෙත් මහත් වූ කුසලයට ම පහළ වූ බව හැඟේ. තථාගත අමා මෑණියන් වහන්සේ වදාළ සදා නිවී සැනසෙන ලොව්තුරු දහම තමා තුළින්ම ප්‍රායෝගිකව අත්දැක, අත්විඳ ඒ "දහම් සාරය" අපට බෙදා දෙන්නට මෙම නිවුනු උතුමො,තම මුළු දිවියම කැපකරමින් සුවසේ වැඩ වසන සේක. උන් වහන්සෙ වෙතින් නිරායාසයෙන්ම ගලා එන "නිවන් දකිමු "දහම් පණිවිඩය තුලින්, නිමක් නොපෙනෙන සසර ගමන නිමා කොටගෙන පූර්ණ නිවීමෙන් සදාකාලික සුවය අත්විඳ ගන්නට "අප සැමට"උන්වහන්සේ මෙත් සිතින් ඇරැයුම් කරන සේක. කුසල් බර පින්වතුනි.අවදි වන්න ! මේ එයට කාලයයි..




සදහම් දේශනා

අංකය දේශනාවේ නම දිනය බලන්න බාගත කරන්න අසන්න


දහම් ලිපි


පිං මදියැයි නැති පිං ගැන දුක්වීමට වඩා දැනට පවතින පිනෙන් වැඩ ගැනිම කොපමණ වටින්නේද?

සෑම මොහොතක් ගානේ පිං පලිසන් දෙන බව දන්නෙහිද ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව පුබ්බේ ච කතපුඤ්ඤතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...

සුදුසු ප‍්‍රදේශයක් සොයා වෙහෙසීමට වඩා ඉන්න තැන සුදුසු තැන නොකරගන්නේ මන්ද?

මේ වනවිටත් ඔබ ජීවත් වන්නේ ඔබට සුදුසු තැනය ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව පතිරූපදෙසවාසො ච නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!...

ඔබත් නිවීම සොයන්නෙක්ද?

ඔබත් නිවීම සොයන්නෙක්ද? නිවීම ඇත්තේ සෙවීම තුල නොව නිවීම තුලය ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව අසේවනා ච බාලානං පණ්ඩිතානං ච සේවනා....

පිං මදියැයි නැති පිං ගැන දුක්වීමට වඩා දැනට පවතින පිනෙන් වැඩ ගැනිම කොපමණ වටින්නේද?

සෑම මොහොතක් ගානේ පිං පලිසන් දෙන බව දන්නෙහිද ! ”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු” ගාථාව පුබ්බේ ච කතපුඤ්ඤතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...



අරමුණ


වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය. මෙවැනි අවුල්සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි. ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ. එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම, ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි. ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි. ඔබගේ අවශ්‍යාතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි. දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය. දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න.








සම්බන්ධ වීමට

ඔබට නිවීමට අවශ්‍යයද? ඔබට නිවන් මග වැඩීමේදී ඇතිවන ගැටළු මොනවද? පහත පෝරමය පුරවන්න. උන්වහන්සේ ඔබට පිළිතුරු දෙවි

අප හා සම්බන්ධ වීමට

උන්වහන්සේ වැඩ වෙසෙනා තැන නොසොයන්න.
මුලින් තමන් ඉන්නා තැන සොයා ගන්න.
නිවනට මග වඩන්න.
උන්වහන්සේ ඔබට මුණ ගැසේවි!!!
අප හැමෝටම නිවන් යා හැක. එය විශ්වාස කරන්න!!!


Email Us

niwandakimu0@gmail.com

Loading
Your message has been sent. Thank you!